එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාලනයේ පවතින බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාජයට පත්වී තිබේ. ප්‍රාදේශීය සභාවේ සභාපති ජි.සි.එස්.චානක මාදුගොඩ
මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව චන්ද 5 ක්ද,
විපක්ෂව 6 ක් ද ලැබීම නිසා වැඩි ඡන්ද එකකින් අයවැය පරාජයට පත්වී ඇති බව සඳහන් වෙයි.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු
හත් දෙනෙකුගෙන් ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ
එක් මන්ත්‍රීවරයෙකුගෙන් ද සමන්විතය. අද(10)
දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද විපක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්ව අයවැයට විපක්ෂව ඡන්දය භාවිත
කර ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම රහස් ඡන්දයක්
ආකාරයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
No comments:
Post a Comment