මහාමායා දේවිය විසින් සිදුහත් කුමරුන් මෙලොවට බිහිකළ ස්ථානය ලෙස ලුම්බිණි ය
සමස්ත ලෝක බොදුනුවන්ගේ නොමද ගවුරවයට පාත්‍ර විය. වන්දනීය විය. වර්ෂ 1896 දී
ලුම්බිණිය සොයාගත් නමුදු එය එතැනමදැයි
සනාථ කර ගැනීමට පුරාවිද්‍යා සාධකයක් ඔප්පු වී නොතිබුනි. ඉතිරිව තිබූ එකම ලාංඡනය වූයේ ක්‍රිස්තු පූර්ව 3
වන සියවසේ දී අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවා තිබූ ගල් කණුවක් පමණි. අශෝක කුළුණ
ලෙස හැදින්වූ එම කුළුනේ “ මෙතැන සිදුහත්
කුමරුන්ගේ උත්පත්තිය සිදුවූ තැන “ යැයි
ලියා තිබුනි. නමුදු එය සනාථ කර ගත හැකි
සාධක හමුවී නොතිබුනි.
එහි තුබූ මහාමායා විහාරය ආශ්‍රිතව කැණීම් සිදුකළ පුරා විද්‍යාඥයන් විසින්
මෙහි ගඩොල් වලින් කරවන ලද ඉදිකිරීමක නටබුන් සොයාගත් අතර තව දුරටත් කළ කැණීම් වලදෘ
එම ගඩොල් ගොඩනැගිල්ලට වහලයක් තිබී නැති බව සොයා ගෙන ඇත. එයට හේතුවී ඇත්තේ වහලක
ශේෂවූ කිසිදු ලී කැබැල්ලක් කොටස් හමු නොවීමය. එයින් නිගමනය වූයේ එම නටබුන් විහාරයක
නොව මායා දේවිය සිදුහත් කුමරු බිහිවන විට අල්ලාගෙන සිටි ගස සුරැකීම සදහා එම ගස වටා
ඉදි කළ හතරැස් බැම්මක් බවය. දැන් හමුවී ඇත්තේ එම හතරැස් තාප්පයේ ශේෂ කොටස්ය.
මෙතෙක් කලක් කට වචනයෙන් පමණක් පැවත ආ බුදු උපතේ කථාව මෙම පුරාවිද්‍යා සොයා ගැනීමත්
සමග සනාථ වේ. එනම් සිදුහත් කුමරුවන් මායා
දේවියගෙන් බිහිවන විට අල්ලාගෙන සිටි ගස, පසුකළෙක පූජනීය ගසක් ලෙස සළකා ආරක්ෂා කර
ඇති බවත්, එය වටා හතරැස් බැම්මක් බැද තිබූ බවත්, එම ස්ථානය වන ලුම්බිණිය පසු කලෙක
අශෝක රජු විසින් ශිලා ස්ථම්භයක් පිහිටුවා කර තිබූ නම් කිරීම නිවැරදි බවත් ය. එම
ස්ථානයේ හමුව ඇති කොටස් කාබන් පරීක්ෂණයට යොමු කොට සිදුහත් කුමරුන් මෙලොවට බිහිවූ
දිනය හරියටම කියන්නට හැකි බවද පුරාවිද්‍යාංඥයන් පවසයි.
No comments:
Post a Comment