කෙසේ වෙතත් මේ මාසය මැද වනවිට මේ රැකියා 500 පිරවීමට ලංකාව කටයුතු නොකළහොත් ඡ්-10 කාණ්ඩයේ මේ රැකියා ඉන්දුනීසියාව, චීනය හෝ වියට්නාමය යන රටවලට ලබාදීමේ අවදානමක් පවතින බවත් එසේ වුවහොත් එය බරපතළ පාඩුවක් වන බවත් අදාළ ආරංචි මාර්ග පවසයි.
මීට පෙර කොරියාවෙන් ලංකාවට ලබාදුන්නේ ඡ්-9 කාණ්ඩයේ රැකියාය. මේ රැකියා සඳහා යෑමට පෙර විභාග සමත් විය යුතු අතර භාෂා ප්‍රවීණතා සහතිකද ලබාගත යුතුය.
එහෙත් මෙවර ධීවර පවුල්වලට ලබාදී ඇති ඡ්-10 කාණ්ඩයේ රැකියා සඳහා යෑමට මෙවැනි පරීක්ෂණ අවශ්‍ය නොවන අතර එම කාණ්ඩයේ රැකියාවක මාසික වැටුප මෙරට මුදලින් රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වේ. - පුවත ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙනි-
No comments:
Post a Comment