අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඇතැම් පාර්ශව කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් ව්‍යාජ බියක් ඇති කරගෙන සිටින බවයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ඒ පිළිබඳව අදහස් දැක්වුයේ පහත පරිදිය.
"කැසිනෝ මේ මේ ලංකාවේ අදත් ගහනවා. සෙල්ලම් කරන්න සූදුවට යන අය 2000ට අඩුයි. දැන් මේ කැසිනෝ කල්බ් 4ක් 5ක් තියෙනවා. බම්බලපිටියේ කොල්ලුපිටියේ පැත්තේ. ඇයි ඒවාට විරුද්ධ වෙන් නැත්තේ? ඔය විරුද්ධ වෙන අය. ඒවායේ ඔය පිටරට සුරූපිණියොත් ඇවිල්ලා ඉන්නවා. දැන් කරන්න යන්නේ මේ කැසිනෝ ක්ලබ් ටික ගෙනල්ලා විජේවර්ධන මාවතට කොටු කරලා දෙපැත්තෙන් පාරවහලා විදේශිකයින්ට ඒක සීමා කරන්න. අපේ ගමට රේස් බුකියක් ගියාම ගමේ අහිංසක මිනිහා තමයි රේස් එක දාන්නේ. අපේ ගමට ස්වීප් කඩයක් ගියාම අපේ අහිංසක මිනිස්සු තමයි ස්වීප් ගන්නේ. මේවා සූදු. අපේ ගමට බාර් එකක් ගියාම අහිංසක මිනිහා තමයි ගිහිල්ලා මේකෙන් බොන්නේ.
කැසිනෝ ඕකට අහිංසක සාමාන්‍ය මිනිසුන්ට යන්න බෑ. හැබැයි අපි සංචාරක ව්‍යාපාරය නැඟිට්ටවන්න හිතනවා නම් විශේෂයෙන් අපි ගුවන් කේන්ද්‍රයක්, නාවික කේන්ද්‍රයක් මේ රට කරගන්න හිතනවා නම් අපිට කැසිනෝ වගේ ඔට්ටු සෙල්ලම් කරන්න පුළුවන් තරු 6 තරු හතේ හෝටල් කිහිපයක් අවශ්‍යයි මේ අය ගෙන්වා ගන්න. ඒ අය ඔය රෑට ගිහිල්ලා ඔට්ටුවක් අල්ලලා 50,000ක් 60,000ක් පරදී සමහර විට දිනයි. හැබැයි ඒක ඒ අයට ගාණක් නෑ. හැබැයි ඒකෙන් එයා විශාල මානසික තෘප්තියක් ලබනවා. දැන් අපි අවුරුද්දට අපේ අම්මලා තාත්තලා පුතාලා මුණුබුරාලා සේරම එක්ක එකතුවෙලා පංචා දානවා. දිනන්නට ද දාන්නේ. මිනිසුන්ගේ තුළ ඒ ක්‍රීඩා තරග ඔට්ටු ඇල්ලීම වගේ දේවල් අපේ කල්චර් එකේ තියෙනවා." යැයිද එස්.බී. දිසානායක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. ( පුවත- අද දෙරණ වෙතින්)
No comments:
Post a Comment