Tuesday, December 10, 2013

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට සම ලිංගික විවාහ ඇරඹෙයි. මුලින්ම බැන්දේ මන්ත්‍රීවරයෙක්..


සමලිංගික විවාහයන් නීතිමය ලෙස පිළිගැනීමත් සමග ඕස්ට්‍රේලියාවේ සම ලිංගික ආදරවන්තයන්, ආදරවන්තියන් නීත්‍යානුකූලව විවාහ වීම පසුගිය දා උත්සවශ්‍රීයෙන් ඇරඹින. පසුගිය සෙනසුරාදා (7) මධ්‍යම රාත්‍රී 12 පසුවී පළමු විනාඩිය එළැඹෙත්ම ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු සම ලිංගික සැමියා හා සැමියා ලෙස බටහිර ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයෙකු වන ස්ටීවන් ඩෝසන් හා ඔහුගේ සහකරු ඩෙනිස් ලිඩ්ල්ලෝව් අතර විවාහය හිත මිතුරන්ගේ ඔල්වරසන් හඞ මැද සිදුකෙරින
කැන්බරාහි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට දී විවාහය සිදුකරන්නා විසින් ස්ටීවන් මන්ත්‍රීවරයා අමතා “ ඔබ විවාහක සැමියා ලෙස ඔබේ සහකරු ගේ දුකේදීත්, සැපේදීත්... රෝගී බවේදී හා නිරෝගී බවේදීත් දිවිතිබෙන තුරු එක්ව ඉන්නට පොරොන්දු වනවා “  දැයි විමසූ විට මන්ත්‍රීවරයා .. ඔවු.. කියා පොරොන්දු වීමෙන් අනතුරුව නෑදෑ හිතවතුන් හා මාධ්‍ය වේදීන් ඉදිරියේදී දෙදෙනා මුදු හුවමාරු කර ගැනීම හා දෙතොල් සිප ගැනීම සිදුවිය. අනතුරුව “ 2013 සමලිංගික විවාහ පනත යටතේ මොවුන් දෙදෙනා සැමියා හා සැමියා ලෙස පිළිගැනේ “  ලෙස නිවේදනය වීමත් සමග පිරිස ඔල්වරසන් නද දුන්හ.


එදින සම ලිංගික යුවල 15 ක් තම විවාහයන් සිදුකළ අතර මේ වන විට තවත් යුවල රැසක් තව එකතුවීම් නීත්‍යානුකූල කරගෙන ඇත. ඔවුනට විවාහ සහතිකයක් ද නිකුත් කරනු ලැබින.
Erin and Gabrille

Ivon Hinton and  Chris Teoh

Shar and Tanya

No comments:

Post a Comment