Thursday, December 5, 2013

රාජාංගනය, මීරිගම,ඇඹිලිපිටිය, පෑලියගොඩ, අලව්ව, ඉඹුල්පේ, වත්තල, කැස්බෑව , මැදවච්චිය .... පුංචි ආණ්ඩුවල අයවැය දිගට හරහට පරාදයි..

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ බලය හිමි මැදවච්චිය ප‍්‍රාදේශිය සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද (5 දා) පරාජයට පත්විය. ප‍්‍රාදේශිය සභාවට පැමිණ සිටි මන්ත‍්‍රීවරුන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම අයවැයට විරුද්ධව ඡන්දය දී ඇත. මැදවච්චිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීධුර 09න් 07ක්ම හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයටයි.
එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇති මන්ත‍්‍රී සංඛ්‍යාව 02කි.. ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදී ඇත්තේ සභාපතිවරයා පමණකි.
ඇඹිලිපිටිය.
මේ අතර, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය  දෙවන වරටත් පරාජයට පත්විය.  , එක් ඡන්දයකිනි. අයවැයට පක්ෂව ඡන්ද 6 ක් සහ විපක්ෂව ඡන්ද 7 ක් ලැබී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකුගෙන් සැදුම් ලබයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස්දෙනා අතරට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් හතරදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රීවරයෙකු ඇතුලත්වේ.
ඉඹුල්පේ
මේ අතර ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය වැඩි ඡන්ද 4 කින් පරාජයට පත්ව ඇත.
අයවැයට පක්ෂව ඡන්ද 4 ක් සහ විපක්ෂව ඡන්ද 8 ක් ලැබී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී සංයුතිය 13 කි. . එය ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු 4 දෙනෙකුගෙන් සැදුම් ලබයි. අයවැයට පක්ෂව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 3 දෙනෙකු සහ විපක්ෂ නායක ලසන්ත කුරේ ඡන්දය ප‍්‍රකාශ කර ඇති අතර විපක්ෂව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු සහ විපක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කරනු ලැබ  ඇත.
කැස්බෑව
ආණ්ඩු පක්ෂයට හිමි පුංචි ආණ්ඩුවල අය වැය පරාජය වීමේ රැල්ල කොළඹ දිස්ත්‍රීක්කයට ද ව්‍යාප්ත වෙමින්කැස්බෑව නගරසභාවට 2014 වසර සඳහා එහි සභාපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය යෝජනාව 03 දා පරාජයට පත්විය. මෙහිදී අයවැයට විරුද්ධව ඡන්ද 07ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 06ක් පමණි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාත්උපසභාපතිවරයාත්ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුත් ඇතුළුව සිව් දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිට ඇත.
වත්තල
ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන වත්තල ප්‍රාදේශීය සභාවේ 2014 වසර සදහා වන අයවැය ත් 4 වනදා පරාජයට පත්විය. පාලක පක්ෂයට ආසන 11 ක් හා විපක්ෂයට ආසන 8 ක් තිබෙන වත්තල ප්‍රාදේශිය සභාවේ මෙම චන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අයවරය ට විපක්ෂව චන්දය දී ඇත.
අලව්ව
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හිමි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ 2014 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද දෙකකින් 28 දා පරාජයට පත්විය.

මන්තී‍්‍රවරුන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් අලව්ව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍රවරුන් 07දෙනෙකු අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත. සභාපතිවරයා සමග එක්ව යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් 03දෙනෙකු සහ එක් සන්ධාන මන්තී‍්‍රවරයෙකු ඡන්දය භාවිත කර තිබේ.

No comments:

Post a Comment