Saturday, September 21, 2013

භික්‍ෂුවක්, සිසුවියක් සමග හෝටල් කාමරයක

Aho thero 410px 24-06-13භික්‍ෂුවකට  හා  පාසල් සිසුවියකට නවාතැන් ලබාදුන් බවට චෝදනා ලැබූ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට ලබන මැයි මස 5 දින අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අනුරාධපුර මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නොතීසි නිකුත් කර ඇත.
අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය විසින් අදාල හෝටලය වැටලූ අවස්ථාවේ එහි කාමරයක 19 හැවිරිදි මෙම භික්‍ෂූව,  වයස අවුරුදු  16 මාස 9ක් වයසැති පාසල් දැරියක් සමග සිටිද්දී පොලිස් භාරයට පත්ව ඇත.
මෙම භික්‍ෂූව පාසල් සිසුවිය සමග වසරක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.භික්‍ෂුව කැකිරාව මරදන්කඩවල මිදිවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

No comments:

Post a Comment